March 24, 2026

ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතාවලට අනුකූලව, අද දින දේශීය වෙළෙඳපොළේ රන් මිල රුපියල් 5,000කින් පහත වැටී තිබේ.

එමඟින් මුළු පහත වැටීම පෙර සතියට සාපේක්ෂව ආසන්න වශයෙන් රුපියල් 38,000කට ළඟා විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, මාර්තු 17 වැනිදා රුපියල් 408,000ක් වූ කැරට් 24 රන් පවුමක මිල අද (24) මිල රුපියල් 370,000 දක්වා පහත වැටී ඇත.

එසේම මාර්තු 17 වැනිදා රුපියල් 375,300 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද රුපියල් 340,400 දක්වා පහත වැටී ඇත.

මේ අතර, ගෝලීය රන් මිල පෙර දිනට සාපේක්ෂව අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,344ක් ලෙස වාර්තා විය.