
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීම සහතික කිරීම අරමුණු කරගනිමින් 2026 දී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම වැඩසටහන මගින් සියලුම රජයේ පාසල්වල මෙන්ම රජයේ අනුමත විශේෂ පාසල්වල 6 සහ ඊට වැඩි ශ්‍රේණිවල ඉගෙනුම ලබන නව යොවුන් වියේ ගැහැණු දරුවන් මිලියන 1.05 ක් පමණ ආවරණය කෙරේ.
ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.
‘පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන, මෙම වසරේදී ද සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440/-ක් වන සේ රුපියල් 720/-ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් බැගින් ලබා දීමටත්, සිය අභිමතය පරිදි රුපියල් 120/- බැගින් වූ තුවා 08ක් සහිත පැකට් 12ක් හෝ රුපියල් 180/- බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් 2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart