March 24, 2026

බොරලන්ද වැලිඅරාව ප්‍රදේශයේ නිවසක බැරල් 8ක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 1500ක් සමග සැකපිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්‍ රථ ව්‍යාපාරික කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බෝගහකුබුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලන්ද වැලිඅරාව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක යැයි පොලිසිය කියයි.

බෝගහකුබුර පොලිසියේ නිලධාරින් ලැබුණු තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇති අතර, මෙහිදී සැකකාර කාන්තාවගෙ නිවසේ බැරල් 8ක් තුළ දමා සගවා තිබූ මෙම ඩීසල් ලීටර් 1500 තොගය අත්අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය සදහන් කරයි.

ඇය විසින් වැලිමඩ බොරලන්ද අතර පෞද්ගලික මගී ප්‍රවාහන බස්‍ රථ දෙකක් ධාවනය සදහා යොදවා ඇති බවත්, එම බස්‍ රථ ව්‍යාපාරික කටයුතු සදහා යොදාගැනීමට මෙසේ ඩීසල් තොගය රහසේ ගබඩා කර සගවා තබාගෙන සිට ඇති බවත් පොලිසිය පවසයි.