March 23, 2026

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 සැප්තැම්බර් 25 වැනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බව වාර්තා වේ.