March 22, 2026

ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට ඊයේ රාත්‍රියේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

තානාපතිවරයාට අනුව, මෙම පුද්ගලයන් තුවාල ලබා ඇත්තේ, නම් කරන ලද ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගැනීම වෙනුවට එළිමහනේ රැඳීසිටිමින් ප්‍රහාර වීඩියෝ කිරීමට උත්සාහ කිරීමේදී ය.

මෙම සිද්ධියේ දර්ශන එතැන් සිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

මිසයිල ප්‍රහාරයෙන් පසු අසල ගොඩනැගිලිවලින් කැඩී ගිය වීදුරු නිසා තුවාල සිදුව තිබේ.

වීදුරු කැබලි ඔවුන්ගේ හිසට සහ ශරීරයේ අනෙකුත් කොටස්වලට වැදී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල්ගත කිරීමට සිදුව ඇත.

එවැනි ක්‍රියා ඊශ්‍රායල බලධාරීන් විසින් නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස් උල්ලංඝනය කරන බව තානාපති බණ්ඩාර සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මිසයිල ප්‍රහාරයකට මිනිත්තු තුනකට පමණ පෙර නාද වන අනතුරු ඇඟවීමේ සයිරන් ඇසීමෙන් පසු වහාම නම්කරන ලද ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියි.

කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය මධ්‍යයේ ආරක්ෂක මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමේ වැදගත්කම ශ්‍රී ලංකා බලධාරීහු දිගටම අවධාරණය කරති.