
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ අඩු ආදායම් ජනතාව සඳහා ඉදි කරන ලද ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපති මොහාන් පීරිස්ගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට දී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
රජයට පාඩුවක් කර, තවත් පිරිසකට ලාභයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොමිසම මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත දැනුම් දී තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙහිදී පවසා තිබුණේ, දිළිඳු ජනතාවට බෙදාදීමට තිබූ නිවාස 366න් 22ක් මෙසේ හිතවතුන්ට බෙදා දී ඇති බවයි.
රුපියල් කෝටි 39කට අධික මුදලක් වැයකර ඉදිකළ මේ නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස 2014 වසරේ ලබා දී ඇති බවත්, මෙමඟින් රජයට පාඩුවක් සිදුවීම හා දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොමිසම පෙන්වා දී ඇත.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ, මේ පුද්ගලයන් අදාළ නිවාසවල පදිංචි වී සිටින්නේද යනුවෙනි.
ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම නිවාස 4ක පුද්ගලයන් පදිංචිව නැති බව පවසා ඇත.
ඇතැම් නිවාස කුලියට දී ඇති බවද එහිදී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart