March 12, 2026

ලෝකයම අර්බුධයකට මුහුණ පා සිටින මේ මොහොතේදී රුපියල ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මෙරට පාරිභෝගික භාණ්ඩවලින් ආනයනය කෙරෙන කොටස 65%ක් තරම් විශාල ප්‍රමාණයක් බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ හමුවේ රුපියල ශක්තිමත් වීම අත්‍යවශ්‍ය තත්වයක් බවයි.

රුපියල ශක්තිමත් නොවන්නේ නම්, ජනතාවට එල්ලවන්නේ විශාල පීඩනයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එහෙත් ශ්‍රී ලංකා මහබැංකුව ඒ වෙනුවෙන් සිදුකරනවා යැයි කියන කාර්යභාරය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද ඔහු පැවසීය.