March 11, 2026

යුද්ධයක් යනු ලෝකයට සංවේදී අවස්ථාවක් වුව ද එය මෙරටට ආයෝජන රැගෙන ඒමට හැකියාව පවතින අවස්ථාවක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙය මැදපෙරදිග කලාපය වඩාත් අස්ථාවරත්වයට පත්ව ඇති අවස්ථාවක් බවයි.

ලංකාව ඉතා කුඩා රටක් ලෙස සෑම පාර්ශවයක් සමගම මිත්‍රශීලීත්වය වර්ධනය කර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා කළ යුතු වන්නේ විරසක වී සිටින පාර්ශව එකමුතු කිරීමට දායක වීම සහ ඒ සඳහා අදහස් ලබා දීම බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීන ක්‍රියාකලාපය තුළ මැදපෙරදිග පවතින ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.