March 19, 2026

සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ප්‍රායෝගික පියවර පිළිබඳව හා සාමාජ මාධ්‍ය තුළ ඩිජිටල් ආරක්ෂණ පියවර වැඩිදියුණු කිරීමට සහාය ලබාගැනීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෙටා (Meta) සමාගමෙහි නියෝජිතයින් අතර වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (18) පස්වරුවේ පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේ දී ව්‍යාජ තොරතුරුවලට එරෙහිව, නිවැරදි තොරතුරු ජනගත කිරීම පුළුල් කිරිම කෙරෙහි මෙන්ම තොරතුරු පිළිබඳව ඩිජිටල් අන්තර්ගතයේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානයක් යොමුව තිබේ.

මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීමේ අර­මුණ ඇතිව රජය ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන “රටම එකට – ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව තරුණ පරම්පරාව අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වර්ධනය වන ගැටලු වලට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කර ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වැළැක්වීම සහ දැනුවත්භාවය ඇති කිරීම සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සඳහා රජය බහුවිධ අංශ එකට ගෙන එන “රටම එකට” ජාතික වැඩසටහන සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බව ද මෙටා සමාගම නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට පැමිණි නියෝජිතයන් අවධාරණය කර තිබේ.

මෙම විශේෂ වූ සාකච්ඡාව සඳහා මෙටා සමාගම නියෝජනය කරමින් මධ්‍යම ආසියාව, මොන්ගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන අංශවල රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී, සෙනුර අබේවර්ධන, දකුණු ආසියාව සඳහා මහජන ප්‍රතිපත්ති සහකාර කළමනාකරු ටෙහාරා පුංචිහේවා, ආසියා පැසිෆික් ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ප්‍රියංකා භල්ලා, “රටම එකට” ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ර්‍එබුඉල්ඩින්ග් Sරි ළන්ක ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකා මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන පිරිස එක්ව ඇත.