March 19, 2026

නියමිත ඉන්ධන බෙදාහැරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (18) සවස නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි අක්‍රමිකතාවලට අදාළ තොරතුරු සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාව සඳහා වෙන්වූ දුරකථන අංක ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව, පහත සඳහන් අංක හරහා අදාළ තොරතුරු වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී:

දුරකථන අංක: 0112106767 / 0117296130