March 12, 2026

ලෝකයේ සෑම ස්ථානයකම පාහේ යම් යම් ගට්ටනයන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එලෙස ගට්ටනයන් පවතින අවස්ථාවලදී ඇතැම් රටවල් සුවිශේෂී අවස්ථා හිමිකර ගෙන ඇති බව ද ඔහු පැවසුවේය.

මෙවැනි අවස්ථාවලදී බොරදියේ මාලු බෑමට උත්සහ කරන බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒවා ඉවත දමා කටයුතු කළ යුතු බවයි.

සිංගප්පූරුව ඊට කදිම උදාහරණයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

සිංගප්පූරුව ලද සීග්‍ර දියුණුවේ ප්‍රතිලාභ එරට අසල්වැසි රටවල් වන මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල් මේ වනවිට ලබාගනිමින් සිටින බව ද ඔහු පැවසීය.

එබැවින් ආණ්ඩුව මේ මොහොතේ කළ යුතු වන්නේ මැදපෙරදිග ආයෝජනවලින් කොටසක් මෙරට වරාය නගරය වෙත ලබා ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.