March 13, 2026

මැදපෙරදිග යුද උණුසුම පවතින පසුබිමක් තුළ ඉන් එල්ල විය හැකි බලපෑම් ඉතා දරුණු බැවින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ආර්ථිකය ශක්තිමත්ව පවතින්නේ නම් ඕනෑම තත්වයක් දරාගැනීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව පවතින බවයි.

මේ මොහොතේ එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ඔහු පැවසුවේ එවැනි තත්වයක් මෙතෙක් පවතින බව සහ පවතින අවස්ථා ආර්ථිකය වෙනුවෙන් යොදා ගෙන ඇති බවක් හෝ පෙනෙන්නට නොමැති බවයි.

මේ මොහොතේ සිදු කළ යුතු වඩාත්ම සුදුසුම දේ වන්නේ රටේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීම බව ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ රටට ඩොලර් උපයා ගෙන ආදායම ඉහළ නංවා ගත හැකි හොඳම මාර්ගය වන්නේ විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම බවයි.