March 19, 2026

ජාතික ජන බල­වේ­ගයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලෙ­යි­චෙල්වි ඇය ගමන් බිමන් යන මෝටර් රථ­යට ඉන්ධන ලබාගැනීම සඳහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිර­වු­ම්හ­ලක් අසල පෝලි­මක ඊයේ (18) රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

ක්‍රිෂ්ණන් කලෙ­යි­චෙල්වි මන්ත්‍රී­ව­රිය කියාසිටියේ තමන් විනාඩි 30ක පමණ කාල­යක් ඉන්ධන ලබාගැනී­මට පෝලිමේ රැඳීසිටි බවයි.