
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 105.22ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අද (18) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ හක්මන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරිකයකු සහ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන 22 හැවිරිදි හෙද සිසුවියකි.
පොලිසිය පැවසුවේ මෙම දෙදෙනා අද අලුයම 1.00ට තායිලන්තයේ බැංකොක් සිට තායි එයාර්වේස් ගුවන් සේවයේ TG-307 ගුවන් යානයෙන් කටුනායකට පැමිණ ඇති බවයි.
ඔවුන්ගේ ගමන් මලුවල ව්‍යාජ පතුල්වලකිලෝග්රෑම් 10යි ග්‍රෑම් 552ක කුෂ් මත්ද්‍රව්‍ය පාර්සල් අටක් සඟවා තිබී ඇත.
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී රැඳවුම් නියෝග ලබා ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart