March 18, 2026

අම්බලන්තොට-කතරගම මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථ දෙකක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙනගොස් තිබේ.

කොළඹ-කතරගම බස් රථයක් තිස්ස සිට කරාපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ තවත් ලංගම බස් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැනට සිදුවෙමින් පවතී.