
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය විවාහ උත්සවය වෙනුවෙන් භාවිත කළ විදුලිය සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදල නිසි වේලාවට අය කර නොගැනීමෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 01 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ එම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (17) සලකා බැලූ අවස්ථාවේ දී ය.
එහි දී විදුලිබල මණ්ඩලයේ වගකීම් සහ දේපළ දැනටමත් පෞද්ගලික සමාගම් පහක් වෙත පවරා ඇති බවට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ අධිකරණයට දන්වා සිටි අතර, ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ විදුලි බිල සඳහා වන මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවයි.
කෙසේනමුත්, ඊට පිළිතුරු ලෙස පෙත්සම්කාර, නීතිඥ විජිත කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙන්වාදුන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට සමාගම් ව්‍යුහයක් බවට පත්ව ඇති බැවින්, වගඋත්තරකාර පාර්ශ්වය සංශෝධනය කිරීමට අවසර අවශ්‍ය බවයි.
සාමාන්‍ය ජනතාව සුළු මුදලක විදුලි බිලක් ගෙවීම පැහැර හැරියද වහාම විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා ලංකා විදුලිබල මණ්ඩලය, මෙවැනි විශාල මුදලක් අය කර ගැනීමට කටයුතු නොකිරීම බරපතළ වරදක් වන බව පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇති අතර, මෙම නඩුකරය ගොනුකිරීමෙන් අනතුරුව අදාළ මුදල් ගෙවීමට පාර්ශ්වයන් කටයුතු කර ඇති නමුත්, මණ්ඩලයේ මෙම පක්ෂග්රාහී ක්‍රියා කලාපය මගින් පොදු මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි එහි දී වැඩිදුරටත් පෙත්සම්කරු සඳහන් කර ඇත.(whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart