
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව, ස්ථාවර මිල (2015) යටතේ 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 දී වාර්තා වූ රුපියල් මිලියන 12,508,954 සිට රුපියල් මිලියන 13,128,577 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පැවසුවේ, 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වත්මන් මිල අනුව රුපියල් මිලියන 30,095,825 සිට රුපියල් මිලියන 32,750,844 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වත්මන් මිල අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වෙනසෙන් සියයට 8.8ක් බවයි.
2025 වර්ෂයේදී ‘කෘෂිකර්මාන්තය’, ‘කර්මාන්ත’ සහ ‘සේවා’ යන අංශ දළ දේශීය නිෂ්පාදිතයට පිළිවෙලින් සියයට 8.4, සියයට 25.4 සහ සියයට 54.6කින් දායක වී ඇත.
‘නිෂ්පාදන සඳහා බදු අඩු කරන සහනාධාර’ යන අංගය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 11.6ක දායකත්වයක් ලබා දී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන අංශ 2025 වර්ෂයේදී පිළිවෙලින් සියයට 1.4, සියයට 7.8 සහ සියයට 3.3කින් ප්‍රසාරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart