March 18, 2026

QR කේත ලබාගැනීමට තවමත් නොහැකි වූ පුද්ගලයනට ඇති ගැටළු විසඳීම සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි WhatsApp අංක නවයක් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ආසන්න වශයෙන් දෝෂ සහිත QR කේත 600,000 ක දෝෂ දැනටමත් නිවැරදි කර ඇති බවයි.

QR කේතයක් නොමැතිව ඉන්ධන ලබාගන්නා පුද්ගලයන් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු තවදුරටත් පැවසීය.