March 17, 2026

ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (මාර්තු 17) අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙත ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති හිනිදුම සුනිල් සෙනවි විසින් පිළිගන්වනු ලැබිණි.

ඉතා ම දුෂ්කර අවස්ථාවක් මනා ලෙස කළමනාකරණය කර රටෙහි මහජනයා අවිනිශ්චිතතාවෙන් මුදවාලීමට කටයුතු කිරීම පිළිබඳ ව උන්වහන්සේලා එහිදී රජය වෙත ප්‍රසාදය පිරිනැමූ බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.