
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිසි දඬුවම්දීම මෙරට ජනතාව විසින් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ඔහු සඳහන් කළේ තම පාලනය විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නමින් විධිමත් බලයක් සතිත ‘දේවාලයක්’ නිර්මාණය කළ අතර එහි ‘කපුවා’ දැන් දේවාලය තුළ පහරමින් සිටින නිසා ජනතාව ඔහුට දඬුවම් කළ යුතු බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවකදී අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දැනට නඩු කටයුතු පවතින පුද්ගලයකුව නැවත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තර්ජනය කර ඇති බවට කාරියවසම් චෝදනා කරයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම කටයුත්ත සිදු කර ඇත්තේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාලවරයා විසින් බවයි.
දේශපාලකයන්ගේ නම් ඇතුළත් ප්‍රකාශයකට ඔහු විසින් අත්සන් ලබාගත් බවට මේ වනවිට අධිකරණය හමුවේ සඳහන් වී ඇති බව ද සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
මීටපෙර අවස්ථාවක නන්දන ගුණතිලක විසින් මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩිව විවේචනය කරන ලද බවත් ඒ සම්බන්ධයෙන් කිසි දිනෙක ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කර නොමැති බවත් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart