
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, කොළොම්බුතුරේ ප්රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වු යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්රැක්ටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකාරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ සහෝදරිය වන 19 හැවිරිදි තරුණියකි.
අනතුර සම්බන්ධයෙන් ට්රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ මණියන්තෝට්ටම් ප්රදේශයේ පදිංචිව සිටි බ්රැඩ්ලි (වයස අවුරුදු 24) සහ ඔහුගේ සහෝදරිය වන ඩිලක්සි (වයස අවුරුදු 19) යන අයයි.
මොවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර අතුරුගිරිය බොරළුගොඩ දක්ෂිණඅධිවේගි ගුවන් පාලම් මාර්ගයේ දී බොරළුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 14ක දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.(Adaderana)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart