March 17, 2026

සිංහල දෙමළ අලුත් අවු­රුද්ද සඳහා ඒකා­බද්ධ අලුත් අවු­රුදු නැකැත් සීට්ටු­වක් ප්‍රකා­ශ­යට පත්කිරී­මට නැකැත් කණ්ඩා­ය­ම­වල එක­ඟ­තාව පළවූ බවත්, මේ අනුව රාජ්‍ය නැකැත් සීට්ටුව අද (17) මහ­නා­හි­මි­ව­රුන් වෙත ඉදි­රි­පත් කර අන­තු­රුව මහ­ජ­න­තාව වෙනු­වෙන් එළි­දැ­ක්වන බවත් බුද්ධ­ශා­සන සංස්කෘ­තික හා ආග­මික කට­යුතු අමාත්‍ය හිනි­දුම සුනිල් සෙනෙවි පැවැ­සීය.

නැකැත් සීට්ටුව පිළි­බඳ සමා­ජයේ ඇතිව තිබූ ආන්දෝ­ල­නා­ත්මක තත්ත්වය සම්බ­න්ධ­යෙන් ඊයේ (16) අමා­ත්‍යාං­ශයේ පැවැති සාක­ච්ඡා­ව­කදී මේ එක­ඟ­තාව පළකර තිබේ.

ප්‍රධාන ලිත් දෙකක කර්තෘ­වරු සහ විකල්ප නැකැත් කණ්ඩා­යමේ සාමා­ජි­ක­යන් සමඟ මේ සාක­ච්ඡාව පැවැති අතර මේ අනුව නැකැත් සීට්ටුව මුද්‍ර­ණය කර මහ­ජ­න­තා­වට ලබාදෙන බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

“මීට කලි­නුත් සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව හෙළි­කර තිබූ පරිදි මේ පිළි­බඳ යම් කාල­යක් පුරා මේ සාකච්ඡා පැවැ­ත්වුණා. ප්‍රධාන වශ­යෙන් කණ්ඩා­යම් දෙකක් දීර්ඝව සහ­භාගි වුණා. මේ අතර බොහොම සුප්‍ර­කට ලිත් පළ­ක­රන කණ්ඩා­ය­මක් සහ ඊට පරි­බා­හිර කණ්ඩා­ය­ම­කුත් හිටියා. මේ පිළි­බඳ සෑහෙන කාල­යක් පුරා අපි සාකච්ඡා පව­ත්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ නැකැත් මුල් කර­ගෙන තමන්ගේ ජනජීවි­තය ගත කරන ආද­ර­ණීය ජන­තා­වක් වගේම ආගම දහම මුල් මුල්ක­ර­ගෙන ජීව­ත්වෙන ජන ප්‍රජා­වක් සිටි­නවා. ඒ නිසා රජ­යගේ වග­කීම වන්නේ ඒ අයගේ විශ්වා­ස­යන්ට ගරුකරලා ඒවා සුරක්ෂා වෙන ආකා­ර­යට ඇව­තුම් පැව­තුම් ඉදි­රි­යට ගෙන­යන්න පුළු­වන් විදි­හට ජන­තා­වට ඒ පහ­සු­කම් සලසා දීමයි. අප ඉතාම ඉව­සී­මෙන් මේ සියලු සාකච්ඡා මෙහෙ­ය­වූයේ මේ පරම වුව­ම­නාව මුල් කර­ගෙ­නයි. ඒ අනුව පසු­ගිය සාකච්ඡා වාර හත­ර­කින් පසු අව­සන් සාක­ච්ඡා­ව­කට එළ­ඹෙන්න පුළු­ව­න්කම ලැබුණා.

රජය හැටි­යට මගේ ගෞර­වය ප්‍රධාන කණ්ඩා­යම් දෙක­ටම හිමි­ක­රන්න කැම­තියි. අපේ රටේ ජන­තාව අවි­නි­ශ්චි­ත­තා­ව­කට පත්කරන්නේ නැතුව තමන්ගේ රුචි අරු­චි­කම් සහ නැකැත් අනුව සංස්කෘ­තික මූල­ධර්ම අනුව කට­යුතු කිරී­මට අව­ස්ථාව සැල­සෙන ආකා­ර­යට ඒකා­බද්ධ නැකැත් සීට්ටු­වක් සකස්කරලා දෙන්න ගෞර­ව­නීය කණ්ඩා­යම් දෙකම එකඟවුණා. ඒ අනුව අලුත් අවු­රුද්ද සම්බ­න්ධ­යෙන් රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ඒකා­බද්ධ නැකැත් සීට්ටු­වක් ජන­තා­වට භාරදෙන්න කැමති වුණා. එබඳු එක­ඟ­තා­ව­කට පැමි­ණීම පිළි­බඳ ඒ කණ්ඩා­යම් දෙක­ටම අපේ ගෞර­වය අප පළකර­නවා.

තම තමන්ගේ ශාස්ත්‍ර ඥානය, කාලා­න්ත­ර­යක් තිස්සේ කළ පර්යේ­ෂණ සියලු දේවල් දරා­ගෙන සම­හර කාර­ණා­ව­ලට අඩු වැඩි වශ­යෙන් එක­ඟතා සහ වාද විවාද තිබුණා. නමුත් ඒ අය ඉතාම ගෞර­ව­නීය විදි­හට අපේ රටේ ආද­ර­ණීය ජන­තා­වට ඒකා­බද්ධ අලුත් අවු­රුදු නැකැත් සීට්ටු­වක් ප්‍රදා­නය කරලා දෙන්න කැමති වුණා. සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව ඒ නැකැත් සීට්ටුව මුද්‍ර­ණය කරයි.”(දිනමිණ)