
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශය අප්‍රේල් මාසය වන විට ඉන්දියාවෙන් අතිරේක ඩීසල් ටොන් 45,000ක් ආනයනය කරන බව ඒ බව දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෑතකදී ඉන්දියාවේ සිට ඩීසල් ටොන් 5,000ක් බංග්ලාදේශයට පැමිණි අතර, මාර්තු 18 හෝ 19 යන දිනවලදී තවත් ඩීසල් ටොන් 5,000ක් ඉන්දියාවේ සිට බංග්ලාදේශයට ලැබෙනු ඇතැයි බංග්ලාදේශ පෙට්‍රෝලියම් සංස්ථාවේ සාමාන්‍ය කළමනාකරු (වාණිජ හා මෙහෙයුම්) එම්.ඩී. මුර්ෂෙඩ් හුසේන් පවසා තිබේ.
මෙම ඉන්ධන තොග ප්‍රවාහනය කරනු ලබන්නේ ඉන්දියාවේ නුමාලිගාර් පිරිපහදුව සහ බංග්ලාදේශයේ පර්බතිපූර් ඩිපෝව සම්බන්ධ කරන ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගය (India-Bangladesh Friendship Pipeline) හරහාය.
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉන්ධන හිඟය මඟහරවා ගැනීමට සහ රට තුළ ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යාමට බංග්ලාදේශ රජය මෙම පියවර ගෙන ඇත.
මීට පෙර, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩීසල් ආනයනය සිදුකරනු ලැබුවේ දුම්රිය මැදිරි මාර්ගයෙනි.
පසුව, 2023 මාර්තු මාසයේදී එවකට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගය (India-Bangladesh Friendship Pipeline) විවෘත කරන ලදී. එතැන් සිට, ඉන්දියාවේ සිට ඩීසල් ආනයනය කරනු ලබන්නේ මෙම නල මාර්ගය හරහාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart