March 16, 2026

රජයේ නිල ඉන්ධන QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ප්‍රමුඛ සයිබර් ආරක්ෂණ උපායමාර්ගික විශේෂඥයකු වන අසේල වෛද්‍යාලංකාර මහජනතාවට අනතුරු අඟවා ඇත.

‘X’ වේදිකාවේ අදහස් දක්වමින් ඔහු පවසන්නේ, ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා නොමඟයවනසුළු ආකාරයෙන් බවත්, එය නීත්‍යානුකූල රජය විසින් පවත්වාගෙන යනු ලබන වේදිකාව නොවන බවත් ය.

මේ අතර, ඉන්ධන QR කේතය ලබාගන්නා වේදිකාව වෙත ප්‍රවේශ වීමේදී සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, සංවේදී දත්ත බෙදාගැනීමෙන් වළකින ලෙසත්, සත්‍යාපිත නිල නාලිකා මත පමණක් විශ්වාසය තබන ලෙසත් රජයද පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් ඉලක්ක කරගත් මාර්ගගත වංචා පිළිබඳ වර්ධනය වන කනස්සල්ල මධ්‍යයේ මෙම අනතුරු ඇඟවීම පැමිණේ.