
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇති වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බවට සැලකෙන සාංචි ස්තූපයේ අනුරුව සොරාගැනීම පිළිබඳ කිසිදු විධිමත් පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නැත.
රඹුක්කන, දැලිවල, කොටවෙහෙර විහාරස්ථානයේ තිබූ මේ අනුරුව සොරාගෙන ඇති බවට රඹුක්කන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ 2022 පෙබරවාරි 12දාය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳ මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතත්, ඉන් පසුව එය නවතා දමා තිබේ.
රඹුක්කන පොලිසිය මඟින් මූලික විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහි විමර්ශන භාර දී ඇත.
පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව අදාළ විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා ඇති අතර, අඟල් එකහමාරක දඹ රන් කරඬුවක්, අඟල් එකහමාර බැගින් වන පළිඟු කරඬු 3ක්, රන් කරඬු 5ක් සහ ධාතු මංජුසාවක් සොරාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ‘සිළුමිණ’ කළ විමසුමකදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ තහවුරු කර ඇත්තේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර නැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ විමර්ශන 2ක් පවත්වාගෙන ගියද, ඒ කිසිදු විමර්ශනයකින් සෑහීමකට පත් විය හැකි තොරතුරක් මෙතෙක් ලැබී නැතැයිද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජ සමයට අයත් බව සැලකෙන සඳගල නම් පෞරාණික වටිනාකමක් සහිත පාෂාණයක් අතුරුදන් වීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් සිදුකරන විමර්ශන සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ප්‍රසාද් රණසිංහ පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණු අතර, මීට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු පොලිස්පතිවරයකු සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වේ.
මේ දෙදෙනා ඉදිරියේදී අල්ලස් කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart