March 15, 2026

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ඇප ලැබීම නිසා සතුට සැමරීමට පැවැත්වූ සාදයට සහභාගී වූ දුම්බර බන්ධනාගාරයේ ජේලර්වරුන් තිදෙනා ඇතුලු කන්ඩායම සම්බන්ධයෙන් දුම්බර බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු විමර්ශන සදහා පත්කොට තිබේ.

බන්ධනාගාර අදිකාරීවරයාට ලද පැමිනිල්ලක් මත් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රැදිවියකුගේ සොයුරකු විසින් මෙම සාදය වීඩියෝ කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.