March 15, 2026

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් නඩුවකට රන්වල මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මන්ත්‍රී අශෝක රන්වලට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙස නියෝග කර ඇත.