
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන්ට සූම් (Zoom) හෝ වෙනත් සබැඳි (Online) වේදිකා හරහා ඉගැන්වීම අධ්‍යාපනික මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, පෙරපාසල් සහ මුල් ප්‍රාථමික අවධියේ පසුවන දරුවන් සමාජ අන්තර්ක්‍රියා දිරිමත් කරන ක්‍රියාකාරකම් පාදක කරගත් පරිසරයක ඉගෙන ගත යුතු බවයි.
එවැනි කුඩා වයසකදී දිගු වේලාවක් තිරය (Screen) දෙස බලාගෙන සිදුකරන ඉගෙනීම දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනයට බාධා කිරීමටත්, අවධානය යොමුකිරීමේ කාලය අඩුකිරීමටත්, නිර්මාණාත්මක චින්තනයට අහිතකර ලෙස බලපෑමටත් හේතුවිය හැකි බව එහි සඳහන් වේ.
ජාතික ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව කුඩා දරුවන් තම වටපිටාව සමඟ සක්‍රීයව ගනුදෙනු කළ යුතු බවත්, ඩිජිටල් උපාංගවලට අධික ලෙස නිරාවරණය වීම පෙනීම සහ මොළයේ වර්ධනය ඇතුළු මානසික හා ශාරීරික සෞඛ්‍යයට හානි කළ හැකි බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මෙම වයස් කාණ්ඩය ඉලක්ක කර ගනිමින් වාණිජමය වශයෙන් සංවිධානය කරන ලද සබැඳි සම්මන්ත්‍රණ (Online Seminars) සඳහා දරුවන් ඇතුළත් කිරීමෙන් වළකින ලෙස දෙමාපියන්ට උපදෙස් දී ඇති අතර, එවැනි වැඩසටහන් අධ්‍යාපනික ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහාය ලබා නොදෙන මෙන්ම දරුවාගේ ස්වභාවික වර්ධනයට බාධා කළ හැකි බවද සඳහන් කර ඇත.
ඩිජිටල් තිරයකට වඩා දරුවෙකුගේ හොඳම ගුරුවරයා වන්නේ සැබෑ ජීවිතයේ අත්දැකීම් සහ තම පරිසරය සමඟ පවත්වන අන්තර්ක්‍රියා බව අමාත්‍යාංශය සිහිපත් කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart