March 14, 2026

‘හොඳින් හෝ නරකින්’ හැකි ඉක්මනින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තම Truth Social වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය විසින් මෙම ප්‍රධාන නැව් මාර්ගයට යුද නැව් යවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, එවිට එය ඉරානයෙන් “තවදුරටත් තර්ජනයක්” එල්ල නොවනු ඇති බවත්ය.

බොහෝ රටවල් ප්‍රධාන නැව් මාර්ගය ‘විවෘතව හා ආරක්ෂිතව’ ලෙස තබාගැනීම සඳහා යුද නැව් යවනු ඇති බව ඔහු තවදුරටත් පවසයි.

එක්සත් ජනපදය “ඉරානයේ හමුදා හැකියාවෙන් විශාල ලෙස විනාශ කර ඇත” යනුවෙන් ඔහු කියාසිටියත්, ඩ්‍රෝන යානා, බිම්බෝම්බ සහ සමීප දුර මිසයිල භාවිත කිරීම ඉරානයට තවමත් හැකි බව ඔහු පවසයි.

මේ අතර ජිනීවාහි ඉරාන නියෝජිත අලි බහ්රානි පැවසුවේ, ටෙහෙරානයේ හැකියාවන් තුරන් කිරීම පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ “ගොතන ලද බොරු මත පදනම් වූවක්” බවයි.