March 13, 2026

පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට අයත් වාහනයකට යටවීමෙන් මහනුවර ලෙක්සිකන් අන්තර්ජාතික පාසලේ හත් හැවිරිදි සිසුවකු මිය ගිය බව පොලිසිය පවසයි.

ඊයේ (12) පෙ.ව. 11.30ට පමණ පාසල් පරිශ්‍රය තුළ මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ජලය පානය කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු වාහනයේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඇති වූ තුවාල හේතුවෙන් එක් දරුවකු මිය ගිය අතර, තුවාල ලැබූ අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පාසලේ අධ්‍යක්ෂවරයකු ද වන වාහනයේ හිමිකරු කියා සිටියේ වාහනය නවතා බැස ගිය පසු මෙම අනතුර සිදු වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වාහනයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.