March 13, 2026

ලෝක වෙළෙඳපොළේ ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගුවන්යානා ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන්යානා ඉන්ධන මිල වැඩිකිරීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසයි.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් 93 යි සත 57ක් ලෙස පසුගිය 27 වැනිදා පැවති ගුවන්යානා ඉන්ධන බැරලයක්, අමෙරිකානු ඩොලර් 209 ක් දක්වා ඉහළ දමා ඇතැයි ඔහු සඳහන් කර ඇත.

ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි.