
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
තිස්සමහාරාමය, අකුරුගොඩ සිරි මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ගෝලීය තත්ත්වය පිළිබඳව ද ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කරුණු කිහිපයක් පෙන්වාදුන්නේය.
වත්මන් රජය බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකරන සේවය පිළිබඳව ඔහුගේ අදහස විමසූ විට, ඔහු ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේ “ආණ්ඩුව මොනවා හරි සේවයක් කරනවාද?” යනුවෙනි.
තම පාලන සමයේදී බුද්ධ ශාසනයට ඉහළම ගෞරවයක් ලබාදුන් බවත්, වර්තමානයේ එවැනි අවධානයක් යොමුවේද යන්න ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.
තම පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසනු ලැබීය.
“ඔහු කළ සේවයට ප්‍රශංසා කළ යුතුයි මිස හිරේ දැමිය යුතු නැහැ. මෙය හිරේ දැමිය යුතු කාලයක් නෙවෙයි,” යනුවෙන් ඔහු ඊට පිළිතුරු දුන්නේය.
ජනමාධ්‍යවේදීන් නැඟූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සිය කනස්සල්ල පළකළේය.
මැදපෙරදිග යුද්ධය දිගු කලක් පැවතුණහොත් එය ශ්‍රී ලංකාවට සහ රටේ අනාගතයට බරපතල ගැටලු ඇති කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ සමස්ත වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ”ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඒ ගැන මිනිස්සු මට වඩා හොඳට දන්නවා” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart