March 12, 2026

කුප්‍රකට එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.