
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා මත කොස්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ පොලිස් කොස්තාපල්වරයා යතුරුපැදියක් මෙන්ම සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමට එම මුදල් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සහ ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයාගේ මඟපෙන්වීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart