March 11, 2026

පසුගිය වසරේ පටන් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ ගිවිසුම්ගත වීම ඊයේ(10) සිදුවිය.

ඒ අනුව, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරසිහ සහ සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම අතර මෙම නව ගිවිසුම් අත්සන් තැබීම සිදුකෙරිණි.

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ දී පැවති මෙම අවස්ථාවට, මෝටර් රථ දෙපාරේතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම ඒෂියන් ටෙක්නොජි සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර ඒ හේතුවෙන් මේ වනවිට අංක තහඩු විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම සඳහා ගොඩගැසී තිබේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග නව ගිවිසුම්ගත වූ සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණය 10 දක්වා වර්ධනය කර එම ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව පැවැසේ.