March 11, 2026

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නිල නොවන වාර්තා උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යූසෙෆ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ නව උත්තරීතර නායකයා සුවෙන් සහ ආරක්ෂිතව පසුවන බව‍යි.

ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ද සිද්ධිය වාර්තා කර ඇතත් එමගින් පවසා ඇත්තේ යුද්ධයේදී ජ්‍යෙෂ්ඨයෙකු තුවාල ලබා ඇති බව පමණයි.

එහෙත් එම පුද්ගලයාට සිදුවූ තුවාලය කුමක්දැයි රාජ්‍ය මාධ්‍ය කිසිවිටෙකත් නිශ්චිතව සඳහන් කර නොමැත.

මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නම සඳහන් නොකළ ඉරාන නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ප්‍රහාරයකින් කමේනිගේ පාදවලට තුවාල සිදුවී ඇති නමුත් ඔහු සිහිබුද්ධියෙන් පසුවන බව සහ සීමිත සන්නිවේදන පහසුකම් සහිත ඉතා ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බවයි.