March 11, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පවසයි.

පුද්ගල කණ්ඩායමක් තම කීර්තිනාමයට හානිකරන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවා හරිමින් සහ ගොතන ලද අන්තර්ගතයන් පළකරමින් සිටින බවත්, ඒ හේතුවෙන් සයිබර් අපරාධ ඒකකයේ උපදෙස් අනුව නීතිමය පියවර ගැනීමට තමන් කටයුතු කරමින් සිටින බවත් රොෂාන් අබේසිංහ සඳහන් කරයි.