
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක්කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වන විට සකස් කරමින් තිබෙන බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා, එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවත් වසර කිහිපයක් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රජයේ ප්‍රධාන ඉලක්කයක් වන ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමිකර දීමට හැකියාව ලැබෙන ඇතැයි සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් කිහිපදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ ඓන්ද්‍රීය බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට අද දින පත්වීම් ලැබූ සියලුදෙනා තම වගකීම් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළකරමින් නවක පත්වීම්ලාභී සියලුදෙනා වෙත සුබපැතුම් එක් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart