
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන යුද්ධය හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිලට ඔරොත්තු දීම සඳහා ඉන්ධන භාවිතය සහ රජයේ වියදම් කපාහැරීමේ පියවරක් ලෙස, පාසල් සති දෙකකට වසාතබන බවත්, කාර්යාල සේවකයන් වැඩි වශයෙන් නිවසේ සිට වැඩ කළයුතු බවත් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේය.
ඉරානය සමඟ පවතින ඊශ්‍රායල-ඇමරිකානු යුද්ධය බලශක්ති සැපයුමට තර්ජනයක් වී ඇති අතර, මේ වන විටත් පකිස්ථානයේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, රජය ඉන්ධන භාවිතය සීමාකරන බවත්, ඇතැම් රාජ්‍ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ (online) ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.
පාකිස්ථානය සිය ඉන්ධන අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.
‘ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අපි දුෂ්කර තීරණ ගෙන ඇත්තෙමු,’ යනුවෙන් ජාතිය අමතමින් කළ ප්රකාශයකදී ෂරීෆ් පැවසීය.
ගෝලීය ඉන්ධන මිල කෙරෙහි රජයට පාලනයක් නොමැති වුවද, පුරවැසියන් මත පැටවෙන බර අවම කිරීමට රජය උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ලබන සතියේ සිට පාසල් සති දෙකකට වසාතැබෙන අතර ප්‍රවාහනය සීමාකිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart