March 10, 2026

ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ දැමුවද, එය බස් ගාස්තු සංශෝධනය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසීය.

එබැවින් පවතින ගාස්තු එලෙසම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් සහ ලංකා සුපිර් ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ඉහළ දැමීමට සමගාමීව සිනොපෙක් සහ ලංකා අයි.ඕ.සී සමාගම් ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.