March 10, 2026

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ලබන සතියේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද පැවති ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

අවශ්‍ය අත්සන් එකතු කිරීමෙන් පසු යෝජනාව ලබන සතියේ කථානායකවරයාට භාරදෙන බව ඔහු පැවසීය.