
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර ගෞරවාදරයට පාත්‍ර වූ ‘නැදුන්ගමුවේ රාජා’ හස්තියාගේ සංරක්ෂණය කරන ලද ශරීරය හෙට (මාර්තු 11) සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි සඳහන් කළේ, කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී මෙම ප්‍රතිනිර්මාණය කරන ලද හස්තියා ප්‍රදර්ශනය කරන බවයි.
ජාතික උරුමයන් සුරැකීම දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බවත්, 2022 වසරේදී මියගිය, ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති, නැදුන්ගමුවේ රාජා හස්තියා මතු පරපුරට දැකබලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීම දෙපාර්තමේන්තුවට පැවරුණු බවත් ඇය එහිදී පැවසුවාය.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීමක් මත සහ හස්තියාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ එකඟතාවය ඇතිව, හස්තියා මියගිය දිනයේදීම එහි දේහය සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යා අංශය සහ ප්‍රදර්ශන සැලසුම් අංශය මගින් මෙම ප්රතිනිර්මාණ කටයුතු සිදුකර ඇත.
ඒ සඳහා සමල්කා කොතලාවල සහ රවීන්ද්‍ර වික්‍රමනායක ඇතුළු සම්භාණ්ඩ ශිල්පීන් පිරිසක් දායක වී තිබේ.
සම්භාණ්ඩ පිරවීමේ තාක්ෂණය භාවිතයෙන් සංරක්ෂණය කරන සතුන් වසර 500ක් දක්වා නොවෙනස්ව තබාගත හැකි බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මනෝරි ගුණතිලක පැවසුවාය.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ප්‍රතිනිර්මාණය ද එවැනිම කාලයක් සුරක්ෂිතව පවතින අයුරින් සිදුකර ඇති බව ඇය සඳහන් කළාය.
සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ලංකානි සෝමරත්න පැවසුවේ, මෙම ප්රතිනිර්මාණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 7කට ආසන්න මුදලක් වැය වූ බවයි.
එහිදී වැඩිම පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ, සංරක්ෂණය කරන ලද හස්තියා තැන්පත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද වීදුරු කුටිය වෙනුවෙනි.
වසර ගණනාවක් පුරා සධාතුක කරඬුව වැඩමකරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා 2022 මාර්තු 7 වැනි දින මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart