
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහි යුද්ධය ‘ඉතා ඉක්මනින්’ අවසන් වන බවත්, තෙල් මිල පහත වැටෙනු ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ට්‍රම්ප් මෙම අනාවැකිය පළකළේ මයාමි අසල පිහිටි ඔහුගේ ගොල්ෆ් සමාජ ශාලාවේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
අමෙරිකානු හමුදාව අරමුණු සම්පූර්ණ කිරීම සඳහා විශාල ප්‍රගතියක් ලබාගනිමින් සිටින බව ට්‍රම්ප් එහිදී වාර්තාකරුවන්ට පැවසීය.
”සමහර අයට කියන්න පුළුවන් ඒවා දැන් බොහෝදුරට අවසන් කියලා. අපි ඉරානයේ සෑම හමුදා බලකායක්ම සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කර තිබෙනවා,” යනුවෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.
”ඉරානයේ නාවික බලයෙන් වැඩි ප්‍රමාණයක් මුහුදුබත් කර තිබෙනවා. ඒ නෞකා තිබෙන්නේ මුහුදු පතුලේ. එය නැව් 50කට ආසන්න ප්‍රමාණයක්. නැව් 51ක් ගැන මට දැන් වාර්තා වුණා. ඔවුන්ට දැන් නාවික හමුදාවක් නැහැ, ගුවන් හමුදාවක් නැහැ, ගුවන් යානා නාශක උපකරණ නැහැ, ‘ඔවුන්ට නායකත්වයක් නැහැ. ඒ සියල්ල පුපුරුවා හැර තිබෙනවා.” ඔහු පැවසීය.
එමෙන්ම ට්‍රම්ප් පැවසුවේ මෙය මීට පෙර කිසිදා දැක නැති ආකාරයේ හමුදාමය ජයග්‍රහණයක් බවයි.
මේ අතර එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ, පසුගිය පැය 24 තුළ ඉරානයේ ප්‍රධාන මිලිටරි මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසු එරට ආරක්ෂක පද්ධතිය බිඳවැටී ඇති බවයි.
එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් පහත වැටීම ආරම්භ වී ඇත.
ඊයේ බැරලයක් ඩොලර් 119.50 දක්වා ඉහළ ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඩොලර් 90ට වඩා අඩු මට්ටමකට (ඩොලර් 86-88 සීමාවට) වේගයෙන් පහත වැටිණි.
මේ අතර ලෝක බලශක්ති සැපයුම ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වුවහොත් හදිසි තෙල් තොග මුදාහැරීමට සූදානම් බව G7 රටවල මුදල් අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart