
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ නව වයස් තහවුරු කිරීමේ නීතිවලට විරෝධය පළකරමින් ලොව විශාලතම වැඩිහිටි වෙබ් අඩවි එරට පරිශීලකයන්ට බාධා පැනවීමත් සමඟ, ඕස්ට්‍රේලියාව තුළ VPN (Virtual Private Network) ඇප් බාගත කිරීම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
“Pornhub, RedTube, YouPorn සහ Tube8 වැනි වෙබ් අඩවි මෙහෙයවන කැනේඩියානු සමාගමක් වන Aylo, ඕස්ට්‍රේලියානු පරිශීලකයන්ට එම අඩවි වෙත පිවිසීම සීමාකර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස VPN ඇප් බාගත කිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.
‘VPN Super Unlimited Proxy’ ඇප් එක දැනට ChatGPT සහ Claude ඇප්වලට පමණක් දෙවැනි වෙමින් බාගත කිරීම් අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත.
මාර්තු 2 වැනිදා 40 වැනි ස්ථානයේ තිබූ මෙම නොමිලේ ලබාදෙන ඇප් එක ඉරිදා වන විට ස්ථාන 37 කින් ඉදිරියට පැමිණ තිබේ.
මීට අමතරව ‘Proton VPN’ 174 වන ස්ථානයේ සිට 19 වැනි ස්ථානය දක්වාත්, ‘NordVPN’ 189 වැනි ස්ථානයේ සිට 13 වැනි ස්ථානය දක්වාත් කැපීපෙනෙන ලෙස ඉදිරියට පැමිණ ඇත.
VPN මගින් පරිශීලකයාගේ IP ලිපිනය වසන්කර ඕස්ට්‍රේලියාවේ පනවා ඇති භූගෝලීය සීමාවන් මඟහැරීමට අවස්ථාව ලබාදෙයි.
මෙම තත්ත්වය උදාවූයේ මාර්තු 9 වන සඳුදා සිට ක්‍රියාත්මක වන නව වයස් තහවුරු කිරීමේ නීති හේතුවෙනි.
එහි ප්‍රධාන අරමුණු වූයේ බාලවයස්කාර දරුවන් අසභ්‍ය ප්‍රකාශන සහ සූදු වෙබ් අඩවිවලට පිවිසීම වැළැක්වීමයි.
පරිශීලකයන් එවැනි වෙබ් අඩවිවලට පිවිසීමට පෙර රජය පිළිගත් ඩිජිටල් හැඳුනුම්පතක් හෝ වයස තහවුරු කළ හැකි වෙනත් ක්‍රමවේදයක් භාවිත කළ යුතුය.
Pornhub වැනි වෙබ් අඩවි පවසන්නේ මෙය පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවයි.
එබැවින් ඔවුන් ඕස්ට්‍රේලියානු පරිශීලකයන්ට සිය සේවාවන් අවහිර කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart