March 9, 2026

අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මාර්තු 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සජින් වාස් ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ රුපියල් මිලියන 243.8 ක වත්කම් නීති විරෝධී ලෙස උපයාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි පසු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.