
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන් අතර චර්ම රෝග සහ විජලන තත්වය ඉහළ යා හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඔවුන් පෙන්වාදෙන්නේ අධික උෂ්ණත්වය නිසා දහඩිය බිබිලි, සමේ දැවිල්ල සහ දිලීර ආසාදන වැනි පොදු චර්ම රෝග තත්ත්වයන් ඇති විය හැකි බවයි.
දරුවන්ගේ සම ඉතා සියුම් බැවින් සහ ඔවුන් නිතර එළිමහන් උණුසුමට නිරාවරණය වන බැවින් ඔවුන් මේ සඳහා වැඩි අවදානමක් දක්වන බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
අධික උණුසුම නිසා දරුවන් විජලනයට පත්වීමේ අවදානම ඉහළ අතර, එමගින් නිදිමත ගතිය, අධික තෙහෙට්ටුව සහ ආහාර රුචිය අඩුවීම වැනි ගැටලු ඇති විය හැකි බවට ද බලධාරීන් අනතුරු ඇඟවීය.
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී දරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා, නිසි අධීක්ෂණය යටතේ ජලය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලබාදීම උපකාරී වන බව ද සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
මේ අතර, දැනට බොහෝ පාසල්වල වාර්ෂික ක්‍රීඩා උත්සව පැවැත්වෙන බැවින්, එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී අධික උෂ්ණත්වය නිසා ඇතිවන ක්ලාන්තය සහ ආඝාතය පිළිබඳව ද සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.
එවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා දරුවන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බව සහතික කිරීමටත්, නියමිත වේලාවට විවේක ගැනීමටත්, අධික උණුසුමට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් වැළකී සිටීමටත් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා සංවිධායකයින්ට උපදෙස් දී ඇත.
විශේෂයෙන්ම දවසේ වැඩිම උෂ්ණත්වයක් පවතින වේලාවන්හිදී දරුවන් සෘජු හිරු රශ්මියෙන් ඈත්කර තබන ලෙසත්, සිරුරේ ජල මට්ටම පවත්වාගැනීම සඳහා වැඩිපුර ජලය සහ ස්වභාවික පාන වර්ග පානය කිරීමට ඔවුන්ව දිරිමත් කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු මාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart