
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යතුරුපැදියක් අපරික්ෂාකාරී හා භයානක ලෙස ධාවනය කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වීඩියෝවේ සිටි තරුණයන් දෙදෙනා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් පදවාගෙන යන අතරතුර අනෙකුත් වාහනවලට බාධා කරමින් සහ අනෙකුත් රියදුරන්ට අවදානමක් ඇති කරන ආකාරය දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කළේය.
වීඩියෝ දර්ශන මත පදනම්ව, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ යතුරුපැදිය ආණමඩුව දෙසට ගමන් කරමින් තිබූ බව පරීක්ෂණවලින් හෙළි විය.
පසුව, නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (08) තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
නොසැළකිලිමත් හා භයානක ලෙස රිය පැදවීම සහ අනෙකුත් රියදුරන්ගේ ජීවිත අනතුරේ හෙළමින් සාපරාධී මිනීමැරීමට උත්සාහ කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට යොදාගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන තිබිණි.
සැකකරු නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමට නියමිත අතර, නවගත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart