March 9, 2026

මාර්ගයක ගමන් කරන තරුණියකගේ ස්කූටරයට යතුරුපැදිකරුවකු බාධාකර ඇගේ රන් මාලය කඩාගෙන යෑමට තැත්කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන ජනමධ්‍ය ඔස්සේ සංසරණය වේ.

යතුරුපැදිකරු ස්කූටරයකින් පැමිණි තරුණියට බාධාකර, ඇයව පෙරළා දමා ඇගේ රන් මාලය උදුරා ගන්නා ආකාරය CCTV දර්ශනවලින් දැක්වේ.

සැකකරු පැනයෑමට උත්සාහ කරන විට, තරුණියගේ කෑගැසීම් ඇසී ප්‍රදේශවාසීන් පැමිණෙන අතර එහි සිටි තරුණයෙක් ඉක්මනින් ක්‍රියාත්මක වී සැකකරු පසුපස හඹාගොස් ඔහුව අල්ලාගන්නා ආකාරය දැකගත හැකිය.