March 9, 2026

ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසුව රටින් පිටව යෑම සඳහා සකස්කර තිබූ සංචාරක විධිවිධාන සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විවේචනය කර තිබේ.

ඔවුන් චෝදනා කර තිබුණේ එංගලන්තයට කලින්ම රටින් පිටව යෑමට අවසර දී ඇති බවත්, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ඉන්දියාව තුළ රඳවාගෙන සිටි බවටත් ය.

මාර්තු 1 වැනිදා ඊඩන් ගාර්ඩන්ස් හිදී ඉන්දියාවට කඩුලු පහකින් පරාජය වූ පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වූ අතර, මාර්තු 4 වැනිදා කොල්කටා හි පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තයට පරාජය වීමෙන් පසු දකුණු අප්‍රිකාව ද සිය තරගාවලි ව්‍යාපාරය අවසන් කළේය.

මාර්තු 5 වවැනිදා දෙවැනි අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවට පරාජය වූ එංගලන්තය සෙනසුරාදා සවස මුම්බායි සිට ලන්ඩනයට සෘජු කුලී ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබිණි.

කෙසේවෙතත්, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඒ වනවිටත් සංචාරක විධිවිධාන බලාපොරොත්තුවෙන් සිටි අතර, නිශ්චිත පිටත්වීමේ වේලාව තහවුරු කර නොමැති වුවද, ඔවුන් ඉරිදා දින කොල්කටා සිට කුලී ගුවන් යානයකින් එකට පිටත් වීමට අපේක්ෂා කෙරේ.

“විහිලුවක් @ICC, අපිට කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ ! ඒ අතරතුර, එංගලන්තය කෙසේ හෝ අපට පෙර පිටත් වෙනවාද? @westindies සහ @proteasmencsa අඳුරේ! විවිධ කණ්ඩායම් අනෙක් අයට වඩා ආකර්ෂණයක් ලබා ගැනීම පුදුම සහගතයි, ”ඩි කොක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් කතාවේ ලිවීය.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුමට සම්බන්ධ කලාපීය ආතතීන් හේතුවෙන් ගුවන් මාර්ග කිහිපයක ගමන් බාධා ද වාර්තා වී තිබේ.