March 7, 2026

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසයි.

යෝජනාව ඉදිරිපත් කිරීමේ තීරණය පක්ෂය විසින් ඒකමතිකව ගත් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසීය.

“අපි කරුණු දෙකක් මත අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. පළමුව, අල්ලස් කොමිසම ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් දැනටමත් ගොනුකර තිබෙනවා, දෙවනුව, ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට ඔහු අපොහොසත් වෙලා තියෙනවා” ඔහු පැවසීය.

යෝජනාව සඳහා පුළුල් සහයෝගයක් ලබාගැනීම සඳහා සමගි ජන බලවේගය අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා තවදුරටත් සඳහන් කළේය.

ස්වාධීනව කටයුතු කළ හැකි රජයේ මන්ත්‍රීවරුන්ගෙන් ද, තම සහයෝගය ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.